දේශීය

මුළු වන්දි මුදල් ගෙවීමට නිව් ඩයමන්ඞ් නෞකා සමාගම එකඟ වෙයි

(UTV |කොළඹ ) – මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඞ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ මුළු වන්දි මුදල ගෙවීමට එම සමාගම එකඟතාව පළ කරයි.

ඒ රුපියල් මිලියන 442 ක මුදලකි.

මූලික වන්දි ගෙවීමක් ලෙස මීට පෙර නීතිපතිවරයා විසින් රුපියල් මිලියන 340 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේය.

නමුත් එය ලබාදීමට නෞකාව අයත් සමාගම විසින් එකඟතාවය පළ කර තිබුණි.

ඉන් පසුව අවසන් ඇස්තමේන්තුව ලෙස පසුගියදා තවත් මිලියන සියයක්ද ඇතුලත්ව රුපියල් මිලියන 442 ක වන්දි මුදලක් ප්‍රකාශයට පත්කළේය.

 

Related posts

බාලිකා විදුහල් දෙකකට බලෙන් ඇතුළු වූ සිසුන් නිදහස්[UPDATE]

Mohamed Dilsad

අරවින්ද ද සිල්වා විශේෂ පොලිස් ඒකකයට

Mohamed Dilsad

ඊශ්‍රායලය, ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් රැසක් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment