කලාවිදෙස්

දීපිකා පදුකෝන් ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට

(UTV |ඉන්දියාව) – බොලිවුඞ් නිළි දීපිකා පදුකෝන් ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත පැමිණෙයි.

ඒ බොලිවුඞ් නලු සුශාන්ත් රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීම සඳහාය.

ජනප්‍රිය නිළියන් වන ශ්‍රද්ධා කපූර් සහ සාරා අලි ඛාන් ගෙන්ද අද(26) දිනයේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි ඉන්දීය වාර්තාවල දැක්වේ.

දීපිකා පදුකෝන්ගේ පුද්ගලික ලේකම්ගෙන් ඊයේ දිනයේදී පැය ගණනක් පුරා ප්‍රශ්න කර තිබුණේ මෙම සිද්ධියට අදාළවය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් නලු නිළියන් ගණනාවකගෙන් ප්‍රශ්න කිරීමට ඉන්දීය විමර්ශන අංශ සූදානමින් සිටි.

බොලිවුඞ් නලු සුශාන්ත් රාජ්පුත්ගේ මරණය මත්ද්‍රව්‍ය හා සම්බන්ධ සිදුවීමක ප්‍රථීඵලයක් බවට මේ වනවිට සැක මතුවී තිබේ.

ඒ සම්බන්ධයෙන් සුශාන්ත් රාජ්පුත්ගේ පෙම්වතිය වූ රියා චක්‍රබෝර්තිගෙන්ද ඉන්දීය විමර්ශන අංශ පසුගියදා දීර්ඝව ප්‍රශ්න කළේය.

Related posts

ඕමානයේ සැඟව සිටි පාතාල නායකයෙක් අත්අඩංගුවට

Editor O

බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

Siren හි රූගත කිරීම් ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment