දේශීය

කොමිසමේදී පූජිත හිටපු ජනපති ගැන කියූ දේ

(UTV |කොළඹ) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම භාරගන්නා ලෙස තමන්ට අවස්ථා ගණනාවකදී දැඩි බලපෑම් එල්ල කළ බව පූජිත් ජයසුන්දර ජනාධිපති කොමිසම හමුවේ හෙළි කර තිබේ.

ඒ පාස්කු ප්‍රහාරය ගැන සෙවූ මලල්ගොඩ කමිටුවේ පරීක්ෂණද වෙනස් කොට, කැමති රටක තානාපති ධුරයක් ලබාදෙන බව පොරොන්දුව මතය.

එමෙන්ම තමාගේ දුරකථන ඇමතුම් වාර්තා පමණක් නොමැතිවීම සම්බන්ධයෙන්,  ශ්‍රී ලංකා ටෙලිකොම් හිටපු සභාපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එක්කුස උපන් සහෝදරයා පිළිබඳව තමන්ට සැකයක් පවතින බව ද හිටපු පොලිස්පතිවරයා මෙහිදී පවසා ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (24) තෙවන දිනටත් සාක්ෂි දුන්නේය.

එහිදී කොමිසම විමසුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ඔබ එවක ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාව සිටි රුවන් විජේවර්ධන මහතා දැනුවත් නොකළේ මන්ද යන්න පිළිබඳව ප්‍රශං කළේය.

පාස්කු ජනපති කොමිසමේදී තවත් අනාවරණයක් කරමින් ඔහු පැවසුවේ දෙහිවලදී  ජමිල් මොහොමඩ් නම් ත්‍රස්තයා බෝම්බය පුපුරවා ගැනීමට පෙර, එදිනම බුද්ධි නිලධාරීන් එම බෝම්බකරු හමුවීමට පැමිණ තිබූ බවයි.

 

Related posts

වන්නි ගුවන් හමුදා කඳවුරෙන් නිරෝධායනය නිමවා තවත් 164 ක් පිටවෙයි

Mohamed Dilsad

තවත් ආසාදිතයන් 495 ක් හඳුනා ගැනේ

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් සිදුවන මරණ සහ අතුරුදන්වීම් ඉහළට

Mohamed Dilsad

Leave a Comment