විදෙස්

කාබුල් අගනුවරදී නේටෝ රථ පෙළකට බෝම්බ ප්‍රහාරයක්

(උදයම්,ඇෆ්ගනිස්ථානය)  – ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර නේටෝ සංවිධානයේ රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අටදෙනකුවත් මරුමුවට පත් වූ බව බලධාරීහු පවසති.

ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාම සාමාන්‍ය වැසියන් බව ඇෆ්ඝනිස්තාන ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඇමෙරිකානු සොල්දාදුවන් තිදෙනකු ඇතුළු තවත් 25 දෙනකුට පමණ තුවාල සිදු විය.

බදාදා උදෑසන අගනුවර කාර්ය බහුලම අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල වූයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේදී බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කරනවා.

Related posts

ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරයට සයිබර් ප්‍රහාරයක්

Mohamed Dilsad

කොරෝනා නිසා බ්‍රිතාන්‍යයේ තවත් බන්ධනාගාර රැදවියෙක් මිය යයි

Mohamed Dilsad

ඉරානයේ වෛද්‍ය මධ්‍යස්ථානයක ගෑස් කාන්දුවකින් 19 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment