ගොසිප්

බැසිල් රාජපක්‍ෂට පාර්ලිමේන්තුවේ ඉඩක්

(UTV |කොළඹ ) – බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණිමට ඊට ඉඩ ලබා දීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු බොහෝ දෙනෙකු ඉදිරිපත් වීමට කැමැත්තෙන් සිටින බව සංචාරක ඇමති අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

උඩුගම්පොළ කාර්යාලයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට ඉඩ නොදෙන බව පවසමින් හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා මාධ්‍ය වෙත කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ කවුරුන් කෙලෙස කිවුවත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීම සඳහා ආණ්ඩුවට ජනවරමක් ලැබී ඇති බවයි.

ඒ නිසා කුමන බාධක ආවත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යෙන්ම අහෝසි කරන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය

ඔහු පෙන්වා දෙන්නේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට ජනතාවගේ බහුතරය අකැමැති බවට සමීක්ෂණයකින් හෙළි වුයේ යැයි රාජිත සේනාරත්න මහතා කරන ප්‍රකාශය පට්ටපල් බොරුවක් බවයි.

මෙහි දි වැඩි දුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද සඳහන් කළා.

“පහුගිය මහ මැතිවරණයේ දී අපි ජනතාවගෙන් තුනෙන් දෙකක බලයක් ඉල්ලුවේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන්න. ජනතාව ඒ බලය අපිට දුන්නා. ජනතාව ජනාධිපතිතුමා කෙරෙහිත් අගමැතිතුමා කෙරෙහිත් ඒ විශ්වාසය තැබුවා. දැන් අපි ඒ විශ්වාසය තහවුරු කරන්න ඕන. ඒ නිසයි අපි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන්න කටයුතු කරගෙන යන්නේ”.

Related posts

ශ්‍රී ලනිපයෙන් තනිව තරග කරන අය රාජපක්ෂවරුන් ගැන කියූ දේ [LETTER]

Mohamed Dilsad

හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගෙන් ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙක්

Mohamed Dilsad

පස්මහා බැලුම් බලලා බැසිල් දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment