දේශීයප්‍රමුඛ පුවත 2

විදුලිය බිඳ වැටීමේ වාර්තාව හෙට කැබිනට් මණ්ඩලයට

(UTV | කොළඹ) – දිවයිනටම බලපාන ආකාරයෙන් පසුගියදා සිදුවූ විදුලිය බිඳ වැටීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද දිනයේදී විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් විශේෂ විමර්ශනයට ලක් කිරීමට නියමිතව ඇත.

හෙට (26) දිනයේදී එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

විදුලිය බිඳ වැටීම පිළිබඳව සොයා බැලීමටත් එවැනි තත්ත්වයක් නැවත ඇතිවීමේ ප්‍රවණතාව අවම කිරීමේ ක්‍රියාමාර්ගයන් පිළිබදව හඳුනා ගැනීමටත් කමිටුවක් පත් කෙරුණේ මහාචාර්ය රාහුල අතලගේගේ ප්‍රධානත්වයෙන්.

නියෝජිතයින් 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුව සකස් කළ අදාළ වාර්තාව ඊයේ දිනයේදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙත භාර දෙනු ලැබීය.

Related posts

ජ්‍යෙෂ්ඨ පුරවැසි, බැංකු ස්ථාවර තැන්පත් පොලී අනුපාත පිළිබඳ වාර්තාව ජනාධිපතිගේ අවධානයට

Editor O

පළමු නිල ඡන්ද ප්‍රථිඵලය 06 වනදා පස්වරුවේ දී

Mohamed Dilsad

මෙරට 7500කට අධික පිරිසකගේ නිරෝධායන කටයුතු අවසන්

Mohamed Dilsad

Leave a Comment