ප්‍රමුඛ පුවත 3විදෙස්

ගෝලීය කොරෝනා එන්නතක් සඳහා රටවල් රැසක් එක් වෙයි

(UTV |ඇමෙරිකාව) –  ගෝලීය කොරෝනා එන්නතක් නිපදවීමේ ව්‍යාපෘතිය සඳහා මේ වන විට රටවල් 170කට වැඩි සංඛ්‍යාවක්  එක්වී සිටියි.

ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙනි.

මේ සඳහා අයදුම් කිරීමේ කාලසීමාව මේ මස 31 වන දායින් අවසන් වන බව විදෙස් වාර්තා පවසයි.

ඊට අදාළ මූලික ගෙවීම් ඔක්තෝම්බර් 9 වන දා වන විට සිදුකළ යුතු බවටයි දැනුම් දී ඇත.

මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ලොව සියල්ලන්ටම දැරිය හැකි මිලකට කොරෝනා එන්නතක් ලබාදීමය.

නමුත් ඊට තවත් මූල්‍ය සම්පත් අවශ්‍ය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Related posts

මාලි රාජ්‍යයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 40ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ඕක්ලන්ඩ් ත්‍රස්ත ප්‍රහාරය තනි පුද්ගල ක්‍රියාවක් මිස ජන වර්ගයක ක්‍රියාවක් නොවෙයි

Mohamed Dilsad

අවුන් සාං සුචීට වසර හතරක සිර දඬුවමක්

Mohamed Dilsad

Leave a Comment