දේශීයව්‍යාපාරික

පිටි කවළම් කළ කහ කුඩු වෙළෙඳ පොළට

( UTV | කොළඹ ) – පාරිභෝගික කටයුතු අධිකාරිය කළ පරීක්ෂාවකදී වෙළෙඳ පොළේ අලෙවියට ඇති කහ කුඩුබහුතරයකට පාන් පිටි සහ සහල් පිටි කවළම් කර ඇති බව හෙළිව තිබේ.

කහ හිඟයත් සමග වර්ණක සහ පිටි කවළම් කර කහ විකුණන බවට ලද පැමිණිලිවලට අනුව ලබාගත් කහ සාම්පල රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමු කොට පරීක්ෂා කළ බව එම අධිකාරිය පැවසුවේය.

රජයේ රස පරීක්ෂක නිකුත් කළ වාර්තාවලින් අනුව හෙළිව ඇත්තේ, අලෙවියට තබා ඇති කහ කුඩුවලින් 50% ක්ම පාන් පිටි සහසහල් පිටි කවළම් කර ඇති බවය.

අනුව එම කහ කුඩු අලෙවි කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම අධිකාරිය පැවසීය.

කහවලට විවිධ දේ මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් සාම්පල ලබාගනිමින් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකවේ.

මේ අතර උපරිම සිල්ලර මිල ඉක්මවා කහ අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතුඅධිකාරිය පැවසුවේ .

කහ කුඩු කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රු. 750 ක් බව එම අධිකාරිය සඳහන් කර තිබේ.

Related posts

අද සිට රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට

Mohamed Dilsad

මත්තල ගුවන් තොටුපොළ හෙට සිට යළිත් සක්‍රීය වෙයි

Mohamed Dilsad

බන්ධනාගාර නිලධාරීන් 15 කගේ වැඩ තහනම්

Mohamed Dilsad

Leave a Comment