දේශීය

විදෙස් ගතව සිටි තවත් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – අද (13) අලුයම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් රාජ්‍යයේ රැඳී සිටිශ්‍රී ලාංකිකයින් 299 දෙනෙකු ගුවන් යානා 02 කින්කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

අලුයම 1.45 කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්– 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත  පැමිණි ගුවන් මගීන් 15 දෙනා අතුරින් 10 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් වූහ.

ඉතිරි 05 දෙනා ශ්‍රී ලංකාවේ සේවය කරන ඉතාලි සහ ප්‍රංශ තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරීන් වේ.

තවද අද අලුයම 5.30 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්– 226 දරන ගුවන්යානයෙන් එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ

මෙම පිරිස අතරින් 06 දෙනෙකු කුඩා දරුවන් විය.

ගුවන් තොටුපළවල දී මෙම ගුවන් මගීන් සියලු දෙනා එම පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කර තිබේ.

Related posts

බැංකු සමග ගනුදෙනු කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්යය කෙරේ.

Editor O

කොටස් වෙළඳපොළේ අසාමාන්‍ය වර්ධනයක්

Mohamed Dilsad

පාඨලී ට එරෙහි නඩුවකට කොළඹ මහාධිකරණය දුන් නියෝගය

Mohamed Dilsad

Leave a Comment