ගොසිප්

දයාසිරිට අමාත්‍ය ධුරයක් අහිමි වන ලකුණු

(UTV |කොළඹ) – මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැබිනට් අමාත්‍ය ධුර තුනක් ලබා දීමේ සුදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට, හිටපු අමාත්‍යවරුන් වන මහින්ද අමරවීරට සහ නිමල් සිරිපාලද සිල්වාට අමාත්‍ය ධුර හිමි වන බව වාර්තා වේ.

නමුත් එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකරට අමාත්‍ය ධුරය ලබා දීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එකඟ වී නොමැති බවද දේශපාලන ආරංචි මාර්ග වල දැක්වේ.

පසුගිය මැතිවරණ වේදිකාවල ඔහු පොහොට්ටුවේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් විවේචනය කළ බවට චෝදනාවක්ද පවතී.

Related posts

Sex වචනය පරීක්ෂාවෙන් ශ්‍රී ලංකාව දෙවන තැනට පත්වෙයි

Mohamed Dilsad

ජෝන්ට පරණ පිනක් පෑදෙයිද

Mohamed Dilsad

මහ මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට එජාපය උත්සහ ගන්නේ ඇයි?

Mohamed Dilsad

Leave a Comment