ගොසිප්

මහ මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට එජාපය උත්සහ ගන්නේ ඇයි?

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයට මේ වන විට මැතිවරණ දොළ දුකක් උද්ගතව ඇති බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

මහ මැතිවරණය සිංහල අලුත් අවුරුද්දට පසු පැවැත්වුවහොත් පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ කතා බහ මැතිවරණ කරළියට එන බව දන්නා එජාපය දැන් උත්සහ කරන්නේ ඊට පෙර මහ මැතිවරණය පවත්වා ගැනීමට යැයි ද අමාත්‍යවරයා පැවසීය.

ජනපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මාර්තු මාසයේදී කළහොත් මහ මැතිවරණය පැවැත්වෙනුයේ අප්‍රේල් මස අවසන් සතිය තුළ බවත් , පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පසුගිය වසරේ අප්‍රේල් මස එල්ලවූ නිසා මහ මැතිවරණය එම මස නොතබා මාර්තු මස පවත්වා ගැනීමට එජාපය සාකච්ඡා කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේය.

Related posts

ඉන්දියානු සුරූපිනියකගේ අතගත් මැක්ස්වෙල් [PHOTOS]

Mohamed Dilsad

නියත වශයෙන්ම මීළඟ ජනාධිපති අපේක්ෂකයා බැසිල් රාජපක්ෂයි

Mohamed Dilsad

උත්සව සමයෙන් පසු තත්ත්වය අවධානම්

Mohamed Dilsad

Leave a Comment