විදෙස්

කොරෝනාවට එරෙහි එන්නතක් පිළිබඳ අපේක්ෂාවක් නැහැ – WHO

(UTV | කොවිඩ් 19) – ගෝලීය වසංගත තත්ත්වයක් ලෙසට ප්‍රකාශයට පත්කර ඇති කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නතක් පිළිබඳ බලාපොරොත්තු පළවුවද එවැන්නක් කිසිදින හමුනොවීමටද ඉඩ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් ප්‍රකාශ කරයි.

ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ ජිනීවා නුවර ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදීයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව කොරෝනා මැඩලීමේ රිදී උණ්ඩයක් නොමැති බවයි.

ටෙඩ්‍රොස් ඇඩනම් තවදුරටත් කියා සිටියේ කොරෝනා වෛරසයේ මූලාරම්භය පිළිබඳව සිදුකෙරෙන පර්යේෂණයේ මූලික කටයුතු මේ වනවිට අවසන් වී ඇති බවයි.

Related posts

දකුණුදිග මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

Mohamed Dilsad

පෝලියෝ එන්නත්කරණය කිරීමට ගාසාහි සටන් විරාමයක්

Editor O

පිපිරීමෙන් මාසයකට පසු බීරූට් අගනුවර වරායේ ගින්නක්

Mohamed Dilsad

Leave a Comment