දේශීය

කොරෝනා කාලයේ මත්තල මෙහෙයුම් ඉහළට

(UTV |හම්බන්තොට) – කොරෝනා වෛරස හේතුවෙන් පසුගිය කාලය තුළ මත්තල ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු ඉහළ ගොස් තිබේ.

ගතවූ මාස දෙක තුළ ජාත්‍යන්තර ගුවන් ගමන් 50 කට වැඩි සංඛ්‍යාවක් එහි ක්‍රියාත්මක වී තිබේ.

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම සඳහන් කළ ආකාරයට විදෙස් රටවල සිට පුද්ගලයන් ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී මෙන්ම නෞකා කාර්ය මණ්ඩල රැගෙන ඒමේදී මත්තල ගුවන් තොටුපල විශේෂයෙන් යොදාගැනුණු බවයි.

එසේම ජූනි 20 වනදා සිට ජූලි 31 වනදා දක්වා කාලය තුළ ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් විසි වතාවක් මත්තලට පැමිණ ඇත.

Related posts

ඩොලර් සියයයේ නෝට්ටු තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් [RELEASE]

Mohamed Dilsad

කෝපා සභාපති ධුරය මහාචාර්ය තිස්ස විතාරණට

Mohamed Dilsad

Leave a Comment