දේශීයප්‍රමුඛ පුවත 3

PHI කෘත්‍යාධිකාරී මණ්ඩලය අද තීරණාත්මක සාකච්ඡාවක

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (23) රැස්වීමට නියමිත බව එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේය.

එළැඹෙන මැතිවරණයේ දී එම සංගමයේ කාර්යභාර්ය පිළිබඳ තීරණ ගැනීම මෙම හමුවේ අරමුණ වී ඇත.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අඛණ්ඩව වර්ජනයේ නිරත වන පස්වන දිනය අදයි.

කොරෝනා මර්දන කටයුතු සඳහා නෛතික බලතල ලබා නොදීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අරඹනු ලැබීය.

Related posts

ආරක්ෂක අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් අගමැතිට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment