ප්‍රමුඛ පුවත 1

උඩරට දුම්රිය මාර්ගයට රේල් බස් සේවාවක්

(උදයම්,කොළඹ ) – මෙරට දුම්රිය වංශකතාවේ නව පරිච්ඡ්දයක් සනිටුහන් කරමින් උඩරට මාර්ගය සඳහා රේල් බසයක් හඳුන්වා දී තිබේ.

ගම්පොළ සිට පේරාදෙණිය දක්වා ධාවනය වන මෙම රේල් බසය නගරාන්තර ප‍්‍රවාහන තදබදයට විසඳුමක් බව ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

ගම්පොළ දුම්රිය ස්ථානයේදී මෙලෙස ගම්පොළ පේරාදෙණිය රේල් බස් සේවාව ඊයේ(14) ආරම්භ කෙරුණේ ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

ගම්පොළ දුම්රිය මාර්ගය වසර 146 ක් පැරැුණි වන අතර නව රේල් බස් සේවාව සමගින් ප‍්‍රදේශයේ මාර්ග තදබදයට විසඳුම් ලැබෙන බවට දුම්රිය දෙපාර්තමේන්තුව විශ්වාසය පළකරයි.

කාර්යාල වේලාවන්හිදී පවතින තදබදයට රේල් බස් සේවාව මගින් විසඳුම් සොයාගත හැකි බව කැලණි වැලි දුම්රිය මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක දැනට ක‍්‍රියාත්මක රේල් බස් සේවාව මගින් තහවුරු වී ඇත.

ඒ අනුව ඉදිරියේදී තවත් නගර අතර මෙම සේවාව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ.

 

Related posts

රට ගොඩනැගීමට ජනපතිට සහය විය යුතුයි [VIDEO]

Mohamed Dilsad

කොරෝනා ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට රජයට සහය වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

රාජ්‍ය බැංකු අස්ථාවර වී නෑ- නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා

Mohamed Dilsad

Leave a Comment