දේශීය

මැතිවරණ අපේක්ෂකයන් දෙදෙනෙකු රිය අනතුරකට ලක්වෙයි

(UTV| යාපනය) – කිලිනොච්චිය, පුනරීන් ප්‍රදේශයේ ඊයේ (08) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනු ලබන අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

තුවාලකරුවන් යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බව පුනරීන් පොලිසිය සඳහන් කරයි.

පුනරීන් දෙස සිට යාපනය දෙසට ගමන්ගත් ත්‍රිරෝද රථයක් හා යාපනය දෙස සිට පුනරීන් දෙසට ගමන්ගත් ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් යාපනය මැතිවරණ කොට්ඨාශය වෙත ස්වාධීන කණ්ඩායමකින් තරඟ කරන අපේක්ෂකයින් දෙදෙනෙකු, ත්‍රිරෝද රථ රියදුරු හා ටිපර් රථ රියදුරු තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් යාපනය චාවකච්චේරි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ ක්‍රියාත්මකයි.

Related posts

ඉන්ධන පිරවුම්හල් අසලට යුද හමුදාව

Mohamed Dilsad

මැතිවරණයට අදාළ සියලු පාර්ශව කොමිසම හමුවට

Mohamed Dilsad

රට රැකියා දෙනවැයි ලක්ෂ ගණනින් සල්ලි ගැරූ ජෝඩුවක් කොටු

Mohamed Dilsad

Leave a Comment