දේශීය

නීති විරෝධීව විදුලිය ලබාගත් 1937 දෙනෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ඉකුත් වසරේ මැයි මාසයේ සිට මේ වසරේ මැයි දක්වා කාලය තුළ නීති විරෝධීව විදුලිය ගත් පුද්ගලයින් 1937 දෙනෙකු අත්අඩංගුවට ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව නිකුත් කළ නියෝගයන්ට අනුව රුපියල් මිලියන 59 ක මුදලක් දඩ වශයෙන් අයකරගෙන ඇත.

මේ අතර විවිධ පුද්ගලයින් හොරෙන් විදුලිය ගැනීම හමුවේ විදුලිබල මණ්ඩලයට වාර්ෂිකව වන අලාභය රුපියල් මිලියන 100 ඉක්මවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.

වගාවන්ට හානි කරන සතුන් පළවා හැරීම සදහා ඇතැම් පුද්ගලයින් වැඩි වශයෙන් විදුලිය හොරෙන් ලබාගෙන ඇති අතර , ඇතැම් පුද්ගලයින් ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානවලට නීත්‍යානුකුළව ගෙන ඇති විදුලි බලය වෙනත් ව්‍යාපාරික කටයුතු සඳහාද භාවිත කරන බව අනාවරණ වී තිබේ.

නීති විරෝධි ලෙස විදුලිය ලබා ගැනීමට යාම හා විවිධ හේතුන් මත විදුලි සැර වැදීමෙන් වාර්ෂිකව පුද්ගලයින් 100 – 150 ත් අතර පිරිසක් මියයන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

Related posts

රන් මිල තවත් ඉහළට

Mohamed Dilsad

මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව ඒ සාමාර්ථ ලබාගත් සිසුන් [RELEASE]

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණයක්

Mohamed Dilsad

Leave a Comment