දේශීය

” ගගන ” ගේ සමීපතමයන් දෙදෙනෙකු STF අත්අඩංගුවට

(UTV | කොළඹ ) – පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පාතාල කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරකගේ අනුගාමිකයෙකු වන ගගන නැමති පුද්ගලයාගේ මත්කුඩු ජාවාරම් සඳහා සහය දැක්වූ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු මහරගම – ඇරැව්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් සතුව තිබී රජයේ උසස් නිලධාරීන්ගේ සහ විවිධ ආයතනවලට අනුකූලව ව්‍යාජ ලෙස සකස් කරන ලද නිළ මුද්‍රා 21 ක් , කේරළ ගංජා කිසියම් ප්‍රමාණයක් මෙන්ම ජංගම දුරකථනයක් ද අත්අඩංගුවට ගෙන ඇත.

මින් එක් අයෙකු යුද හමුදාවෙන් පැන ආ සෙබලෙකු බව වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

බස් ගාස්තුවත් වැඩි වෙයිද?

Mohamed Dilsad

පාසැල් ආරම්භ කිරීමේ තීරණය සෞඛ්‍ය බලධාරීන් සතුයි

Mohamed Dilsad

මැතිවරණය සඳහා අවශ්‍ය නිවාඩු ලබානොදෙන්නන්ට එරෙහිව නඩු

Mohamed Dilsad

Leave a Comment