ගොසිප්

තවත් එජාප ප්‍රබලයෙකුගේ නික්මයාමක්

(UTV |කොළඹ) – දේශපාලනයෙන් සමුගැනීමේ සුදානමක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක නවින් දිසානායක මහතා පවසයි.

තමන් මහ මැතිවරණයක් සදහා ඉදිරිපත් වන අවසන් මැතිවරණය මෙය බවත් , තමන් එක්සත් ජාතික පක්ෂිකයෙක් වශයෙන් දේශපාලනයේ රැදි සිටින බව නවින් දිසානායක මහතා කියා සිටියේය.

නවින් දිසානායක මහතා මේ බව කියා සිටියේ ඔහුගේ මැතිවරණ කාර්යයාලයක් ගිනිගත්හේන නගරයේ විවෘත කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.

ශක්තිමත් එක්සත් ජාතික පක්ෂ තුල මතභේද ඇති කර කඩා වෙන් කිරිම තුලින් රාජපක්ෂ කදවුර ශක්තිමත් වන බව ඔහු පැවසීය.

රටේ නායකයින් ගණනාවක් බිහි කර ශක්තිමත් එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ශක්තිමත් නායකයින් රැසක් රැදි සිටින බවත් , එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වි ගිය කොටසක් කිසිදු ප්‍රතිපත්තියක් නොමැතිව රටේ පාලන බලය ලබා ගැනිමට උත්සහ කරන බවත් , එය කිසිසේත් ඔහුන්ට සිදු කල නොහැකි බව නවින් දිසානායක මහතා පවසයි.

මහ මැතිවරණයේදි සමගි ජනබලවේගය මන්ත්‍රි ධුර කිහිපයක් ලබා ගන්නා බවත් , එසේ තේරි පත් වන මන්ත්‍රිවරුන් අනිවාර්යෙන්ම රාජපක්ෂ කදවුර ශක්තිමත් කිරිමට ඔහුන් පිහිටුවන රජයත් සමග එක්වන බව නවින් දිසානායක මෙහිදී කියා සිටියේය.

 

Related posts

එජාප නියෝජ්‍ය නායකකම ඥාතියෙකුට යයිද?

Mohamed Dilsad

රෝගය පාලනයට අඛණ්ඩව මාසයක් ඇදිරි නීතිය දාන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

ඇමති අර්ජුනට ඉන්දියාවෙන් චෝදනාවක්

Mohamed Dilsad

Leave a Comment