ගොසිප්

රෝගය පාලනයට අඛණ්ඩව මාසයක් ඇදිරි නීතිය දාන්නැයි ඉල්ලීමක්

(UTV |කොළඹ ) – පවතින රෝගීන් වර්ධනය ගැන සලකා බැලීමේදී තවත් සති දෙකකින් පමණක් කොරෝනා ආසාදිතයන් ගණන දෙගුණයකින් ඉහළ යනු ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

රට තුළ කොරෝනා රෝග ව්‍යාප්තිය සැලකිය යුතු මට්ටමින් පාලනය කිරීමට නම් අඩුම තරමින් තවත් මාස තුනක්වත් රට පුරා එක දිගට ඇදිරි නීතිය පැනවිය යුතු බව වෛරසය කරයි.

එසේ නොමැති නම් ඉදිරි කාලය ඇඳිරි නීතිය කඩින් කඩ ඉවත් නොකර මාසයක කාලයක් ඉතාම තදින් ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු පවසයි.

එසේ කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාව තුළ  තත්වය භයානක විය හැකි යැයිද වෛද්‍යවරයා අවධාරණය කරයි.

කොරෝනා ව්‍යාප්තිය දැනට පවතින අදියරේ සිට ඊළඟ අදියරට ගියොත් ඇතිවන අවදානම සිතාගත නොහැකි බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

Related posts

මහින්දට අධි සුඛෝපභෝගී ගුවන්යානයක්

Mohamed Dilsad

‘කැරොලයින්’ කිරුළ අතහැරීම ගැන චන්දිමාල් කරුණු කියයි [VIDEO]

Mohamed Dilsad

රෝසි සේනානායක යළිත් එජාපයට

Mohamed Dilsad

Leave a Comment