දේශීය

මැතිවරණ පැමිණිලි සඳහා මධ්‍යස්ථානයක්

(UTV | කොළඹ ) – නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ කාර්යයට බාධාවන ආකාරයේ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි කිරිම සඳහා ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ.

මැතිවරණ කාලසීමාව තුළ යම් පක්ෂයක් , කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන නිතී විරෝධි කටයුතු සහ අගතියට පත් වන සිදුවිම් පිළිබද මෙම මධ්‍යස්ථානයට පැමිණිලි කළ හැකි බව මැතිවරණ කොමිසම සදහන් කළේය.

ඒ අනුව මැතිවරණ නිතී උල්ළංඝනය කිරිම් සම්බන්ධ පැමිණිලි සන්නිවේදන ක්‍රම කිහිපයක් ඔස්සේ යොමු කිරිමට හැකියාව පවතියි.

011 – 288 62 79 , 011 288 64 21, 011 288 61 17 යන දුරකථන අංක වලට පැමිණිලි සම්බන්ධයෙන් දැනුම් දිය හැකියි.

ඊට අමතරව 071 – 9160000 යන දුරකථන අංකයට මහජන පැමිණිලිවට්ස් ඇප් හෝ වයිබර් කිරිමට හැකියාව පවතින බවද මැතිවරණ කොමිසම පැවසීය.

ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයටඅමතරව දිස්ත්‍රික් මට්ටමින් ද පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථාන පිහිටුවා ඇති බව එම කොමිසම වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

තවත් ඔමික්‍රොන් ආසාධිතයන් 03 ක්

Mohamed Dilsad

අද ගිනස් වාර්තාවක් තැබීමට සුදානම් ශ්‍රී ලංකා නිවුන් සංගමය

Mohamed Dilsad

සුවසැරිය මළගමට පුනරුද ආණ්ඩුව සියල්ල සූදානම් කරයි : ප්‍රධාන විධායක නිලධාරීයෙක් බඳවා ගැනීමට පුවත්පත් දැන්වීමක්

Editor O

Leave a Comment