දේශීය

ජනතා දුක් ගැනවිලි විසඳීමට ඔම්බුඩ්ස්මන්වරයෙක්

(UTV | කොළඹ ) – ජනාධිපති කාර්යාලයට මහජන පැමිණිලි සහ දුක් ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස ඔම්බුඩ්ස්මන් වරයෙක් පත් කර තිබේ.

මෙලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ ඔම්බුඩ්ස්මන් ධූරයට පත්වී සිටී.

පරිපාලන බලතල ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන් වෙතින් වගකීම් පැහැර හැරීමක් හෝ සීමාව ඉක්මවා ක්‍රියා කිරීමක් සිදුව තිබේනම් හා ඉන් මහජනයාට අපහසුතාවක් හෝ පීඩාවක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව සොයාබලා විසඳුම් දීම ඔම්බුඩ්ස්මන් කාර්යාලය ස්ථාපනය කිරීමේ පරමාර්ථයයි.

කොළඹ 01, ජනාධිපති මාවතේ පැරණි චාර්ටඩ් බැංකු ගොඩනැගිල්ලේ 03 වැනි මහලේ කාර්යාලය ස්ථාපනය කර තිබේ.

මහජනතාවට තම පැමිණිලි හෝ දුක්ගැනවිලි කාර්යාලයට පැමිණ පෞද්ගලිකව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇත.

නැතහොත් “ජනාධිපති කාර්යාලයේ ඔම්බුඩ්ස්මන්, ජනාධිපති කාර්යාලය, කොළඹ 01” ලිපිනයට තැපල්මගින් පැමිණිලි හා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට පිළිවන.

011-2338073 ෆැක්ස් අංකය හෝ ombudsman@presidentsoffice.lkවිද්‍යුත් ලිපිනය ඔස්සේ පැමිණිලි යොමු කළ හැකිය.

ජන ජිවිතයේ සාමකාමී පැවැත්මට හානිකර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, පරිසර හානි සහ නීති විරෝධි ක්‍රියා පිළිබඳ මහජන පැමිණිලි ද තමා වෙත වෙත යොමු කළ හැකි බව ඔම්බුඩ්ස්මන් එස්.එම්. වික්‍රමසිංහ පවසයි.

Related posts

පාස්කු ප්‍රහාරය ගැන කතෝලික පල්ලි දැන් සිටියේද?

Mohamed Dilsad

කුකුළු මස් සහ බිත්තර මිලත් ඉහළට

Mohamed Dilsad

ජනපති ලබාදෙන පණිවිඩ කතානායකවරයා විසින් පමණක් නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment