දේශීය

පාස්කු ප්‍රහාරය ගැන කතෝලික පල්ලි දැන් සිටියේද?

(UTV |කොළඹ) – 2019 අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකර තිබූ පෙර අනතුරු ඇඟවීම් සම්බන්ධව කතෝලික පල්ලියද දැනුම්වත්වී තිබීමට වැඩි සම්භාවිතාවක් ඇති බව සමගි ජන බලවේගයේ මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ (16දා) පස්වරුවේ ඔහු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත් කර ඇති ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනිය නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රිවරයා මේ බව පවසා තිබේ.

සාමාන්‍ය සම්ප්‍රදාය අනුව ප්‍රධාන පාස්කු දේව මෙහෙය අගරදගුරුතුමන් විසින් පවත්වනු ලබන නමුත් අප්‍රේල් 21 වැනිදා එවැනි ප්‍රධාන දේව මෙහෙයක් පවත්වා නොමැති බව ඔහු එහිදී කියා සිටියේය.

නමුත් ඔහුට පසුව දැනගන්න ලැබී ඇත්තේ අප්‍රේල් 20 වැනි දින එනම් ප්‍රහාරයට පෙරදින කොළඹ අගරදගුරු පදවිය විසින් පාස්කු දේව මෙහෙය පැවැත්වූ වග”යැයිද හෙතෙම කොමිසම හමුවේ පැවැසුවේය.

 

Related posts

කෙහෙළියට නීතිපතිගෙන් චෝදනාවක්

Editor O

වාලච්චේන ප්‍රදේශයේ ළිඳක තිබී දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

Mohamed Dilsad

කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ සාමාජිකයින් ගැන අනාවරණය කරයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment