දේශීය

නව විදුලිබල පුනරුදයට ඇමරිකාවෙනුත් සහාය

(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවේ ආර්ථිකය දහනය කරන ඩීසල් බලාගාර වෙනුවට සමස්ත ජාතික විදුලි ජනනයෙන් 70 % ක ප්‍රමාණයක් හරිත හා පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ඉපදවිම සඳහා වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ “ සෞභාග්‍යයේ දැක්ම ” වෙනුවෙන් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් විදුලිබල අමාත්‍යාංශය දියත් කිරිමට සැලසුම් කරන ජාතික විදුලිබල සැලැස්මට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදිමට සුදානම් බව ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රි ලංකා තානාපතිනිය ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් අවධාරණය කරයි.

පසුගියදා පෙරවරුවේ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග නිල සාකච්ඡාවකට සහභාගී වෙමින් ඇලෙයිනා මහත්මිය මෙම අදහස් පළකරන ලදි. විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මෙම හමුවට ඇමරිකා එක්සත් ජනපද ආර්ථික අංශ ප්‍රධානී සූසන් එෆ්. වෝක් මහත්මිය ද විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ද සහභාගි විය.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම මිත්‍රත්වය වර්ධනය කිරීමේ අරමුණෙන් පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ විදුලි ක්ෂේත්‍රයේ අනාගත සැලසුම් සහ සංවර්ධන ක්‍රමෝපායන් පිළිබදව විදුලිබල අමාත්‍යවරයා සහ ඇමරිකා එක්සත් ජනපද නියෝජිතවරියන් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විනි.

මෙම සාකච්ඡාවේදී කරුණු දක්වමින්, ජාතික විදුලි ජනනයට හරිත හා පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% ක් දක්වා ඉහළ නැංවිමත්, ඩීසල් දායකත්වය  5% ක් දක්වා පහළ හෙලීමත් සිදුකරන බව පැවසූ අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් දැනට පවතින පුනර්ජනනීය මූලාශ්‍රයන් සංවර්ධනය කිරීමට හා නව මූලාශ්‍රයන් ගවේශනය කිරීමටත් සැලසුම් කරමින් සිටින බව පැවසීය.

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් පුනර්ජනනීය බලශක්තිය වර්ධනය කිරීම සදහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමටත්, මෙරට තුළ නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් ස්ථාපනය  සදහා තම රටේ ආයෝජකයන්ගේ අවධානය යොමුකරවීමට අදහස් කරන බව පැවසු ඇමරිකා එක්සත් ජනපද ආර්ථික අංශ ප්‍රධානී සූසන් එෆ්. වෝක් මහත්මිය, මෙරට තුළ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ස්ථාපනය කිරීම වෙනුවෙන් සහන ණය යෝජනා ක්‍රම දියත් කිරිමට අදහස් කරන බවද පැවසුවාය.

Related posts

අමාත්‍ය කේ.ශන්මුගම් සහ අග්‍රාමාත්‍ය අතර හමුවක්

Mohamed Dilsad

පරීක්ෂා කිරීම් සිදුකරන පොලිස් නිලධාරීන්ට සිය බලපත්‍ර පෙන්වන ආකාරය [VIDEO]

Mohamed Dilsad

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා බාර ගැනීම ඇරඹේ

Editor O

Leave a Comment