දේශීය

වතු කම්කරු පවුල් 200 ක් ස්වයං නිරෝධායනයට

(UTV| හැටන්) – හැටන් දික්ඔය දරවල වත්ත පහල කොටසේ වතු කම්කරු පවුල් 200 ක් පමණ අද (31) දින සිට දින 14 ක ස්වයං නිරෝධානයකට යොමු කල බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍යය වෛද්‍යය නිළධාරී වෛද්‍යය ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා පවසා සිටියේය.

වෛරසය ආසාදනය වූ දේව ගැතිවරයෙක් පසුගියදා හැටන් දික්ඔය ප්‍රදේශයේ දේවස්ථානයකට පැමිණ දේව යාඥාවක් පවත්වා ආහාර මලු බෙදාදී පිටව ගොස් ඇති අතර, අදාල දේවගැතිවරයා දිවයිනෙන් බැහැරව යාමෙන් පසු ඔහුට කොවිඞ් 19 වෛරසය වැලදි ඇති බවට තහවුරු වී තිබුණි.

එම දේවස්ථානයේ රැදි සිටින කිහිපදෙනෙකු මේ වන විට සෞඛ්‍යය අංශ විසින් ස්වයං නිරෝධානයකට යොමු කර ඇති අතර , එම දේව මෙහෙයට සහ ආහාර මලු ලබා ගැනිමට පැමිණි පිරිස හදුනාගත නොහැකි නිසා එම ප්‍රදේශයට වෙලදකලාප වල සහ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාව සේවය කරමින් සිටි වතුකරයේ තරුණ තරුණියන් විශාල පිරිසක් පැමිණ ඇති නිසාත් , එම පවුල් දැඩි ස්වයං නිරෝධානයට යොමු කල බව ප්‍රාදේශිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා අවධාරණය කළේය.

Related posts

ඉදිරි නිවාඩු දින වෙනුවෙන් අතිරේක දුම්රිය ගමන්වාර කිහිපයක්

Editor O

ජයන්ත සමරවීර නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට

Mohamed Dilsad

පානදුර කර්මාන්තශාලාවකුත් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment