දේශීය

කොළඹට ජල කප්පාදුවක්

(UTV | කොළඹ ) – ලබන ඉරිදා (14 ) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

14 වැනිදා පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා කොළඹ 02,03,07,08 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දැනුම් දෙයි.

තවද අදාළ කාලය තුළ කොළඹ 01 ප්‍රදේශයට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට නියමිතයි.

කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළව ජල නල පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබේ.

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵළ නිකුත් කරයි

Editor O

රාජ්‍ය සේවකයන්ට මින් ඉදිරියට සිකුරාදා නිවාඩු නෑ

Mohamed Dilsad

පාතාලය සමඟ සම්බන්ධ දේශපාලඥයින්ගේ නම් හෙළිකරන්න – මුජිබර්ගෙන් ජනාධිපතිට අභියෝගයක්

Editor O

Leave a Comment