දේශීය

කොළඹට ජල කප්පාදුවක්

(UTV | කොළඹ ) – ලබන ඉරිදා (14 ) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

14 වැනිදා පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා කොළඹ 02,03,07,08 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දැනුම් දෙයි.

තවද අදාළ කාලය තුළ කොළඹ 01 ප්‍රදේශයට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට නියමිතයි.

කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළව ජල නල පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබේ.

Related posts

රුසියානු සබ්මැරීන 2ක් හා යුද නැවක් කොළඹට

Mohamed Dilsad

අධි සුඛෝපභෝගි බස් රථ 17 කට නඩු පැවරේ

Mohamed Dilsad

පානදුර කර්මාන්තශාලාවකුත් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment