ව්‍යාපාරික

මෙරට මූල්‍ය පද්ධතිය ශක්තිමත් – ශ්‍රී ලංකා මහ බැංකු අධිපති

(UTV| කොළඹ) – මෙරට මූල්‍ය පද්ධතිය ශක්තිමත්ව පවතින බවත් මහජනතාවගේ තැන්පතුවල සුරක්ෂිත බව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතාගේ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ මූලය පද්ධතිය සහ මූලය ආයතන දුර්වල මට්ටමක පවතින බවත් එවැනි ආයතනවල සිදුකරනු ලබන තැන්පතු අහිමිවී යාමේ අවදානමකට පොදු මහජනතාව මුහුණ දී ඇති බවත් ඇතැම් කණ්ඩායම් සහ පුද්ගලයන් පදනේ විරහිත අනුමාන ප්‍රකාශ කරමින් සිටින බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරයි.

රටේමහජනතාවගේ තැන්පතු බාරගන්නා බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන යන වර්ග දෙකේම නියාමකයා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගේ තැන්පතුවල සුරක්ෂිත බව තහවුරු කිරීම සඳහා ගත හැකි සියලුම පියවර අඛණ්ඩව ගන්නා බවට ප්‍රතිඥා දෙන බව මහ බැංකු අධිපතිවරයා සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත.

Related posts

සංචාරක මාර්ගෝපදේශකයන් සදහා රක්ෂණ ක්‍රමයක්

Mohamed Dilsad

කෘෂිකාර්මික කටයුතු වලට දුන් අවසරය තවදුරටත් ලිහිල් කරයි

Mohamed Dilsad

ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment