දේශීයව්‍යාපාරික

කෘෂිකාර්මික කටයුතු වලට දුන් අවසරය තවදුරටත් ලිහිල් කරයි

(UTV | කොළඹ) – දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය කාලසීමාව තුළදී කෘෂිකාර්මික කටයුතු හුදකලාව කරන ලෙස ලබාදී ඇති අවස්ථාව තවදුරටත් ලිහිල් කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අද පැවැසීය.

ඒ අනුව, කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගන්නා යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් අවස්ථානුකූලව කටයුතු කිරීමට දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත දන්වා ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.

ලබා දී තිබෙන මෙම අවස්ථාව අවභාවිත නොකර කෘෂිකාර්මික කටයුතුවල නියැලෙන්නැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

ඉන්දීය බිත්තර මිලියන 92ක් ආනයනයට අනුමැතිය

Mohamed Dilsad

ප්‍රිමා තිරිගු පිටි මිල ඉහළට

Mohamed Dilsad

හිටපු ඇමතිනී ඩයනා ගමගේට එරෙහි චෝදනා, නීතිපති විසින් මහාධිකරණයට ඉදිරිපත් කරයි.

Editor O

Leave a Comment