දේශීයව්‍යාපාරික

කෘෂිකාර්මික කටයුතු වලට දුන් අවසරය තවදුරටත් ලිහිල් කරයි

(UTV | කොළඹ) – දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය කාලසීමාව තුළදී කෘෂිකාර්මික කටයුතු හුදකලාව කරන ලෙස ලබාදී ඇති අවස්ථාව තවදුරටත් ලිහිල් කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අද පැවැසීය.

ඒ අනුව, කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගන්නා යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් අවස්ථානුකූලව කටයුතු කිරීමට දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත දන්වා ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.

ලබා දී තිබෙන මෙම අවස්ථාව අවභාවිත නොකර කෘෂිකාර්මික කටයුතුවල නියැලෙන්නැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනපති කොමිසම හමුවේ සාක්ෂි විමසීම් අදත්

Mohamed Dilsad

විපක්ෂ නායක සජිත් සහ ඉන්දියානු මුදල් අමාත්‍යවරිය අතර නිල සාකච්ඡාවක්

Editor O

මිලියන 21,000ක මත්ද්‍රව්‍ය වැටලීම්

Mohamed Dilsad

Leave a Comment