දේශීය

නිරෝධායන මධ්‍යස්ථානවල පවා ඡන්ද විමසීම

(UTV |කොළඹ) – අවශ්‍ය වුවහොත් ඉදිරි මහ මැතිවරණයේදී නිරෝධායන මධ්‍යස්ථානවල පවා ඡන්ද විමසීම පැවැත්වීමට සුදානම් වේ.

මේ සම්බන්ධයෙන් නිර්දේශ පවා ඉදිරිපත් වී තිබේ.

ඉදිරියේදී තවත් ශ්‍රී ලාංකිකයන් රටට ගෙන්වා ගැනීමට නියමිත බැවින් ඡන්ද විමසීම පවත්වන කාලයේදීද පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටිය හැකි නිසා  මෙම පියවර ගැනීමට සුදානම් වේ.

මැතිවරණය පැවැත්වීමට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ සෞඛ්‍ය නිර්දේශවලටද අනුව ඔවුන්ගේ ඡන්ද අයිතියද ආරක්ෂා වන අයුරින්  මෙම තීරණය ගත බවයි.

Related posts

දෘෂ්‍යාබාධිත ප්‍රජාව ට විශේෂ ඡන්ද පත්‍රිකාවක්

Editor O

තුසිත හල්ලොලුව අතුරුදන්….?

Editor O

පළවන අසත්‍ය වාර්තාවක් ගැන මහබැංකු අධිපතිගෙන් ට්විටර් පණිවුඩයක්

Mohamed Dilsad

Leave a Comment