දේශීය

හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අනතුරට

(UTV| නුවරඑළිය) –  අද (06) පස්වරුවේ හැටන් වටවල හයිඩ්‍රි ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වටවල රොසැල්ල මංසන්ධියේදි අනතුරට පත්විය.

හයිඩ්‍රි ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වු බස් රථය හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය වෙත ඇතුළු කිරීමට රියදුරා උත්සාහ කිරිමේදි බස් රථය රියදුරාගේ පාලනයෙන් මිදි පසු පසුට ධාවනය වීම නිසා බස් රථය මාර්ගයෙන් ඉවතට පැන කන්දක ගැටී අනතුර සිදුව ඇත.

එම අවස්ථාවේ බස් රථයේ මගීන් 15ක් පමණ ගමන්කර ඇතත් අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව පොලිසිය පවසයි.

බස් රථයේ හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් අනතුරට හේතුව වී ඇති බව අනතුර පිළිබදව පරීක්ෂණ පවත්වන වටවල පොලීසිය සඳහන් කරයි.

Related posts

ලබන 21 දා සිට පෙට්‍රල් හා ඩීසල් අඛණ්ඩව

Mohamed Dilsad

රනිල් ජනපති කොමිසමේ පොලිස් ඒකකයට කැඳවයි

Mohamed Dilsad

කටුපොල් ප්‍රවර්ධනටට ආණ්ඩුවේ අවධානය…?

Editor O

Leave a Comment