විදෙස්

ඇමරිකාවේ විරෝධතාවලට කැනඩාවේ සහයෝගය

(UTV| කැනඩාව) – පොලිස් අත්අඩංගුවට පත් කළු ජාතිකයෙකු ඝාතනයට ලක්වීමත් සමග වර්ගවාදයට එරෙහිව ඇමරිකාවේ පැවැත්වෙන විරෝධතාවලට කැනඩාවේ සහය පල වි තිබේ.

කැඩනා පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට පැවති එවැනි විරෝධතාවකට අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මහතා ද එක්ව සිටියේය. ඔහු සඳහන් කරන්නේ වර්ගවාදයට එරෙහිව කැනඩා ජනතාව දීර්ඝ කාලය සිට සටන් වදින බවයි.

ඇමරිකාවේ මේ දිනවල පැවැත්වෙන සටන්වලට කැනඩාවද සහය පල කරන බව ටෲඩෝ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයා ඝාතනයට ලක්වීමට එරෙහි විරෝධතා අමෙරිකාව පුරා තවදුටරත් ක්‍රියාත්මකයි.

මිනියාපොලිස් නගරයේ සිට ආරම්භ වූ විරොධතා වොෂින්ටන් අගනුවර ධවල මන්දිරය දක්වාත්, ඉන් ඔබ්බට ගොස් ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, කෙන්යාව වැනි තවත් රටවල් දක්වාත් ව්‍යාප්ත වී හමාරයි.

 

Related posts

ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිඳ වැටෙයි

Mohamed Dilsad

ජේකොබ් සූමා ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

මොනාකෝහි පාපන්දු ක්‍රීඩකයින් රැගත් බස් රථයක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment