විදෙස්

ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිඳ වැටෙයි

(උදයම්,ඇමෙරිකාව)  – ප්‍රබල සයිබර් ප්‍රහාරයකින් ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිඳ වැටෙයි.

විදෙස් වාර්තා සඳහන් කළේ  ඇමරිකානු ඩොලර් 300 ක් කප්පම් ඉල්ලා සිටින පරිගණක මෘදුකාංගයක් මගින් ලොව පුරා ස්ථාන දහස් ගණනක පරිගණක අගුළු වැටී ඇති බවත්, බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවා ආයතනවල ඇතැම් පරිගණක පද්ධති සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බවත් සෞඛ්‍ය සේවා බලධාරීන් පවසන බවය.

මේ තත්ත්වය මත හදිසි ප්‍රතිකාර සඳහා පැමිණෙන බ්‍රිතාන්‍ය රෝගීන් වෙනත් රෝහල් වෙත හරවා යැවීමට සිදු වී ඇති බවට, ස්පාඤ්ඤයේද ආයතන ගණනාවක් සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇති බව බී.බී.සී පුවත් සේවය අනාවරණය කරයි.

රටවල් 74 කට ආසන්න ප්‍රමාණයක පරිගණය පද්ධතිවලට මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තාවේ.

මෙය ඉතා බරපතළ තත්වයක් බව  පරිගණක ආරක්ෂාව පිළිබඳ අවාස්ට් සමාගමේ ජෙකුබ් ක්‍රවුස්තෙක් පවසා ඇත.

වහාම සිය පරිගණක වසා දමන මෙන් ඇතැම් සමාගම් සිය සේවකයන්ට උපදෙස් දී තිබේ.

Related posts

නියෝග නොතකනවානම් වෙඩි තබන ලෙසට නියෝග

Mohamed Dilsad

ඉරානයේ පල්ලියක් තුළ වෙඩි තැබීමක් : 15ක් මරුට

Mohamed Dilsad

ට්‍රම්ප්ගෙන් තවත් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment