සේයා පුවත

බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් 25 ක් පිටව යයි

(UTV | කොළඹ) – බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 25 දෙනෙකු ඊයේ(04) සහ අද(05) එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව ගොස් තිබේ.

ඊයේ පුද්ගලයින් 09 දෙනෙක්ද, අද පුද්ගලයින් 16 දෙනෙකුද වශයෙන් සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ මෙම පුද්ගලයින් පිරිස රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමට කටයුතු කරන ඇත.

ඒ අනුව, මේ වන විට පුද්ගලයින් 249ක් නිරෝධායනය අවසන් කර බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් එම මධ්‍යස්ථානයෙහි පුද්ගලයින් 84 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.

Related posts

තොණ්ඩමන් දැරූ අමාත්‍ය ධූරය අගමැතිට [PHOTOS]

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්

Mohamed Dilsad

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 900 ක් විනාශ කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment