දේශීය

පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට

(UTV | මොණරාගල) – මොණරාගල, ඉත්තෑකටුව ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් අදාල සැකකරු පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

ඔහු පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ මීට දින කිහිපයකට පෙර මොනරාගල – ඉත්තෑකටුව ප්‍රදේශයේ සිදුවූ ඝාතනයකට සම්බන්ධ 30 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

සැකකරු තුවාල ලබා මොණරාගල, සිරිගල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පැවසුවේ.

සැකකරු සතුව තිබී අත් බෝම්බයක්, ගිනි අවියක් සහ පිහියක් පොලිස් භාරයට ගෙන තිබේ.

Related posts

වෙන්කල දුම්රිය ආසන ගාස්තු ඉහළට

Mohamed Dilsad

ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

Leave a Comment