දේශීයප්‍රමුඛ පුවත 1

දිවයිනටම පණවා තිබූ ඇඳිරි නීතිය ඉවතට

(UTV | කෝවිඩ්-19) – අද (01) අලුයම 4 ට සමස්ත දිවයිනටම බල පැවැත්වෙන පරිදි පණවා තිබූ ඇදිරි නීතිය ඉවත් කෙරිණි.

ලබන බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය බලපැවැත්වෙන්නේ රාත්‍රි 10 සිට අලුයම 04 දක්වා පමණයි.

රජය විසින් ලබන බ්‍රහස්පතින්දා සහ පොසොන් පොහොය යෙදෙන ලබන සිකුරාදා යන දිනවලද මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැණවීමටයි තීරණය කර ඇත.

ජුනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවල නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

තවද කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික් අතර ගමනාගමනයටද අවසර හිමි වන බව රජය නිවේදනය කරයි.

Related posts

මරගල කන්ද රක්ෂිතයේ ගින්න නිවීමට යුද හමුදාවේ සහය

Mohamed Dilsad

බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් වස්කඩුවේදී 06 කට ජීවිත අහිමි වෙයි

Mohamed Dilsad

රට පුරා මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සන්නද්ධ හමුදා කැඳවයි.

Editor O

Leave a Comment