ප්‍රමුඛ පුවත 1

බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් වස්කඩුවේදී 06 කට ජීවිත අහිමි වෙයි

 

UTV | කොළඹ – කළුතර උතුර , වස්කඩුව  ප්‍රදේශයේදී ගාලූ පාරේ අද (04) අලුයම 5.15 ට පමණ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

තවත් 52 දෙනෙකු තුවාල ලබා නාගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තුවාල ලැබූවන් අතර , පිරිමි 43 ක් , කාන්තාවන් 08 ක් සහ කුඩා ළමයෙකු ද ඇතුළත් වෙයි.

ලංගම බස් රථය තවත් වාහනයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස් රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

මියගිය පිරිස අතර කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් තුන්දෙනෙකු වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

 

 

Related posts

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් වන්නි ජනතාවට ප්‍රණාමය පුදකරයි

Mohamed Dilsad

ජනමාධ්‍ය අමාත්‍යංශ නව ලේකම් ධුරයට – චරිත හේරත් පත් කෙරේ

Mohamed Dilsad

අද පස්වරුවේ වැසි සමඟ තද සුළං

Mohamed Dilsad

Leave a Comment