විදෙස්

ඇමෙරිකානු සෙනට් මණ්ඩලය රුසියානු සයිබර් ප්‍රහාරය ගැන පරීක්ෂණ අරඹයි

(උදයම්,ඇමෙරිකා ) – 2016  වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා රුසියානු සයිබර් ප්‍රහාරවලින් බලපෑමක් ඇතිවී ද යන්න පිළිබදව ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ බුද්ධි කමිටුව මගින් පරීක්ෂණයක් ආරම්භ කරයි.

එම කමිටුවට ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන ප්‍රධාන පක්ෂ දෙකේම සාමාජිකයන් ඇතුළත් බව විදෙස් වාර්තා වල දැක්වේ.

විශේෂයෙන් ජනාධිපතිවරණ සමයේ රුසියාව සහ ඇමරිකානු දේශපාලන යාන්ත්‍රණය අතර කිසියම් සන්නිවේදනයක් ඇති වූයේ ද යන්න පිළිබඳව සොයා බැලීමට නියමිතය.

නමුත් රුසියානු සයිබර් ප්‍රහාර ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට බලපෑමක් ඇති නොකළ බව  ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය .

කෙසේ නමුත්, රුසියානු සයිබර් ප්‍රහාර පිළිබදව මෙම පරීක්ෂණ වාර්තාව දින 90ක් තුල ඉදිරිපත්  කිරීමට නියමිතයි.

Related posts

නයගරා දියඇල්ල ආසන්නයේ පිපිරීමක් – 2ක් මරුට

Mohamed Dilsad

ඉන්දීය ක්ෂණික දික්කසාද ක්‍රමය තහනම් කෙරේ

Mohamed Dilsad

ජනාධිපති ට්‍රම්ප් තීරණය වෙනස් කරයි

Mohamed Dilsad

Leave a Comment