දේශීයප්‍රමුඛ පුවත 1

සජිත් ප්‍රේමදාස ඇතුළු 99 කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

(UTV | කොළඹ) – සමගි ජනබලවේගයෙන් නාම යෝජනා ලබාදුන් සජිත් ප්‍රේමදාස ඇතුළු 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගනු ලැබූ තීරණය එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (29) ඒකමතිකව අනුමත කළේය.

එමෙන්ම, සජිත් ප්‍රේමදාස දැරූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරය, ආසන සංවිධායක ධුරය මෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ද ඒ අනුව අහිමි වනවා.

එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් නීතිඥ නිශ්ශංක නානායක්කාර සඳහන් කළේ සමගි ජන බලවේගයට එක්වූ සෙසු පිරිසගේ ද පක්ෂ, තනතුරු ඇතුළු වගකීම් අහෝසි වන බවයි.

Related posts

ජනතාවගේ අවධානයට නිවේදනයක්

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 65,000 ඉක්මවයි

Mohamed Dilsad

වෛද්‍ය සෙයිගු සිහාබ්ඩීන් මොහොමඩ් සාෆි පිළිබඳ විමර්ශනයට විද්වත් කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment