ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය සෙයිගු සිහාබ්ඩීන් මොහොමඩ් සාෆි පිළිබඳ විමර්ශනයට විද්වත් කමිටුවක්

(UTV| කොළඹ)  – කුරුණෑගල රෝහලේ වෛද්‍ය  සෙයිගු සිහාබ්ඩීන් මොහොමඩ් සාෆි පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්කර ඇති බව, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සාමාජිකයින් 6 දෙනෙකුගෙන් එම විද්වත් කමිටුව සමන්විත වන අතර එම විමර්ශන කටයුතු සඳහා අද දිනයේ කණ්ඩායමක් කුරුණෑගල රෝහල බලා පිටත්ව යාමට නියමිතය.

අත්අඩංගුවට ගත් කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සිහාබ්ඩීන් මොහොමඩ් සාෆි පිළිබඳව, මේ වන විට පැමිණිලි‍ 51 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබේ.

රෝහල් අධ්‍යක්ෂ සරත් වීර බණ්ඩාර මහතා සඳහන් කළේ, ඉන් 46 ක් ඊයේ දිනය තුළ පමණක් ලැබී ඇති බවයි.

අද දිනය තුළත් වෛද්‍යවරයා සම්බන්ධයෙන් පැමිණිලි රෝහල් බලධාරීන් වෙත යොමු කිරිමට අවස්ථාව ලබා දී තිබුණි

මේ අතර අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් පොලීසියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 15 කට අධික වන අතර පොලීසිය සඳහන් කළේ, අදාළ පැමිණිලි ගොනු කර ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිත බවයි.

කෝටි 40 ක අධික වත්කමක් ඔහු සතුව ඇති බවට ලැබී තිබු පැමිණිලි මත වෛද්‍ය සෙයිගු සියාබ්දීන් පසුගිය 24 වෙන දා අත්අඩංගුවට ගැනුණේ  රහසිගත පොලිස් විමර්ශනයකින් අනතුරුවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද රජයේ නිවාඩු දිනයක් නොවේ

Mohamed Dilsad

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති බලමණ්ඩලය වර්ජනයකට සැරසෙති

Mohamed Dilsad

දරුවන්ට දරාගත හැකි අධ්‍යාපනයක් දිය යුතුයි -අගමැති

Mohamed Dilsad

Leave a Comment