දේශීය

ප්‍රතිකාර ලබමින් සිටි කළු කොටියා මිය යයි

(UTV | කොළඹ) – නල්ලතන්නියේ ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට හසු වි මුදාගත් කළු කොටියා (29) උදැසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් පවසයි.

එම වතු යායේ එලවළු වගා භුමියක දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට කළු කොටියා හසු වි සිටි අතර උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරුන් සහ රන්දෙණිගල පශු වෛද්‍යය රෝහලේ වෛද්‍යවරුන් විසින් මන්දට හසු වි සිටි කොටියා නිර්වින්දනය කර මුදාගෙන තිබේ.

වනජිවි නිලධාරින් පවසන්නේ තුවාල ලබා සිටි කොටියා වැඩිදුර ප්‍රතිකාර සදහා උඩවලව ඇත් අතුරු සෙවන පශු වෛද්‍යය රෝහල වෙත  රැගෙන ගොස් ප්‍රතිකාර ලබමින් සිටියදි අද උදැසන මිය ගිය බවයි.

මිය ගිය කොටියාගේ පශ්චාත් මරණ පරික්ෂණය එම රෝහලේදි සිදු කිරිමට නියමිතයි.

Related posts

විදේශගතව සිටි තවත් ලාංකිකයන් රැසක් දිවයිනට

Mohamed Dilsad

ගෝඨාභය ලබන 24 වැනි දා ලංකාවට

Mohamed Dilsad

ඇමෙරිකා ජනාධිපති පැනවූ බදු ගැන, රවී කරුණානායකගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment