දේශීය

බෙලරූස් රාජ්‍යයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV |කොවිඩ් – 19 ) -කොවිඩ් – 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බෙලරූස් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් 274 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

අද (29) අලුයම 12.15 ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් 1206 දරන ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපළට ළගාවූ බව සඳහන් වේ.

මින් වැඩි පිරිසක් එරට අධ්‍යාපනය හැදෑරීම සඳහා ගොස් සිටි අය වන අතර පැමිණි සියලු දෙනා ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි යුධ හමුදාව සඳහන් කරයි.

Related posts

වැඩ බාර ගනිපු දවසේ නියෝජ්‍ය ඇමති වටගල, වටේ යැවූ අරුම පුදුම අමුත්තා

Editor O

තවත් ආසාදිතයන් 454 දෙනෙකු සුව අතට

Mohamed Dilsad

වන ජීවී නිලධාරීන් හෙට විරෝධතාවයක

Mohamed Dilsad

Leave a Comment