දේශීය

අගමැති සහ සුමන්තිරන් අතර හමුවක්

(UTV | කොළඹ ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊයේ(12) පස්වරුවේ අග්‍රාමාත්‍යවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිවසේ දී මෙම සාකච්ඡාව පැවති බවට වාර්තා වේ.

බලය බෙදන ව්‍යවස්ථාවක් සකස් කරන්නේ නම්, ආණ්ඩුවට සහය දීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියේය

දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් මීට පෙර කර තිබූ ඉල්ලීමක් පිළිබඳ ද අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බව ඔහු පවසා සිටියේය.

දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ලේඛනයක් ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත භාර දී ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

2020 තරුණ පාර්ලිමේන්තු මැතිවරණය අද

Mohamed Dilsad

උතුරේ කාන්තා මූලික පවුල්වල ජීවන තත්ත්වය නඟා සිටුවීම ඕස්ට්‍රේලියාවේ සහය

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 800 ක් පමණ වැය වේවි – රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව

Editor O

Leave a Comment