දේශීය

මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්

(UTV | කොළඹ) – මහ මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට ගෙන ඇත තීරණය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

මෙම පෙත්සම ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන අය විසින් ඉදිරිපත් කෙරේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා,  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන එන්.ජේ. අබේසේකර සහ රත්නජීවන් හූල් මෙන්ම නීතිපතිවරයාද නම් කර ඇත.

මාර්තු 2 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ ගැසට් නිවේදනය සහ ජුනි 20 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඔවුන් එම පෙත්සම මගින් ඉල්ලා තිබේ.

Related posts

උදය ගම්මන්පිළගෙන්, ආණ්ඩුව ට අභියෝග පිට අභියෝග

Editor O

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව 70,000 කට ආසන්න පිරිසකට

Mohamed Dilsad

‘පාර්ලිමේන්තුවට ගිනි තැබුවොත් ගාලු මුවදොර විරෝධතාකරුවන්ට දොස් පැවරෙන්නේ එපා’

Mohamed Dilsad

Leave a Comment