දේශීය

කොරෝනාවෙන් මියයන සහ රෝහල් ගතවුවන්ට රක්ෂණ වන්දි

(UTV | කොළඹ) – කොරෝනා වෛරසයෙන් මියයන සහ රෝහල් ගතවන පුද්ගලයින්ට වන්දි ලබාදීම සඳහා රක්ෂණ ආයතන 03කට රක්ෂණ නියාමන කොමිෂන් සභාව අවසර ලබාදී තිබේ.

රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු සඳහන් කළේ ජංගම දුරකතන සේවා සපයන සමාගම් හරහා රක්ෂණ ඔප්පු ලබාදීමටද මෙම සමාගම් පියවර ගනිමින් සිටින බවයි.

තවද කොරෝනා වසංගතය හේතුවෙන් වාරික ගෙවීමට නොහැකි වූ ජීවිත සහ රථවාහන රක්ෂණ ඔප්පු හිමියන්ට අදාළ වාරිකය ගෙවීමට නියමිත දිනයේ සිට මාස 03ක සහන කාලයක් ලබාදී ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් පැවසුවාය.

Related posts

මෙරට සමස්ත කොරෝනා මරණ 4,700 ඉක්මවයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයට යන ශ්‍රී ලාංකිකයින්ට නිරෝධායන ගැන දැනුම් දීමක්

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් පීඩාව⁣ට පත් ජනතාවට සහන සලසන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ – චාමර සම්පත්

Editor O

Leave a Comment