දේශීය

කොරෝනාවෙන් මියයන සහ රෝහල් ගතවුවන්ට රක්ෂණ වන්දි

(UTV | කොළඹ) – කොරෝනා වෛරසයෙන් මියයන සහ රෝහල් ගතවන පුද්ගලයින්ට වන්දි ලබාදීම සඳහා රක්ෂණ ආයතන 03කට රක්ෂණ නියාමන කොමිෂන් සභාව අවසර ලබාදී තිබේ.

රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු සඳහන් කළේ ජංගම දුරකතන සේවා සපයන සමාගම් හරහා රක්ෂණ ඔප්පු ලබාදීමටද මෙම සමාගම් පියවර ගනිමින් සිටින බවයි.

තවද කොරෝනා වසංගතය හේතුවෙන් වාරික ගෙවීමට නොහැකි වූ ජීවිත සහ රථවාහන රක්ෂණ ඔප්පු හිමියන්ට අදාළ වාරිකය ගෙවීමට නියමිත දිනයේ සිට මාස 03ක සහන කාලයක් ලබාදී ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් පැවසුවාය.

Related posts

සදුදා සිට කාර්යාල දුම්රිය කීපයක් ධාවනයට එක්වෙයි

Mohamed Dilsad

පොඩී ලැසී ඇප මත නිදහස් වෙයි.

Editor O

ලබන 24 දක්වා අධිකරණ කිහිපයක නඩු කටයුතු අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment