දේශීය

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු සමග තද වැසි

(UTV | කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර හා මන්නාරම දිස්ත්‍රික් වලත් ස්ථාන කිහිපයක ඉදිරි පැය කිහිපය තුල මිලිමීටර් 100 ට වැඩි ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බවයි.

තවද එම ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇත.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්වලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවති.

ගිගුරුම් සහිත තද වැසි හටගන්නා අවස්ථාවලදි අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි

Related posts

දිගන ආශ්‍රිතව හටගත් සුළු භූ චලනවලට හේතුව මිනිස් ක්‍රියාකාරකම් නොවේ

Mohamed Dilsad

සති අන්තයේ ඇඳිරි නීතිය ගැන පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

Mohamed Dilsad

Leave a Comment