දේශීය

විශේෂ අභ්‍යන්තර සාකච්ඡාවට බැසිල් පොහොට්ටුව කැඳවයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ අභ්‍යන්තර සාකච්ඡා වට කිහිපයක් අද (ජූනි 29) සිට ආරම්භ කිරීමට නියමිත ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණු මූලස්ථානයේදී මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව එම පෙරමුණ සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කාන්තා හා තරුණ සංවිධාන, වෘත්තීය සමිති, පළාත් පාලන සංසදයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡා සඳහා සහභාගි වීමට නියමිත ය.

රටේ වත්මන් අර්බුද විසඳීමට ගත හැකි පියවර හා පක්ෂය බලගැන්වීම් ඇතුළු රටේ ප්‍රධාන කාරණා රාශියක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන බවද වාර්තාවේ.

Related posts

පොළී අනුපාත ගැන තීරණයක්

Mohamed Dilsad

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

Mohamed Dilsad

ප්‍රියන්ත කුමාරගේ දේහය අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment