දේශීය

සංවර්ධන නිලධාරී සේවා සංගමය අකුරට වැඩ කිරීමේ සූදානමක්

(UTV| කොළඹ) –  ලබන 06 වන දිනෙන් පසු සියලු අතිරේක රාජකාරී කටයුතුවලින් ඉවත් වන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය අනතුරු අඟවා සිටියි.

ඔවුන් පෙන්වා දෙන්නේ කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ග්‍රාම නිලධාරීන් සහ සමෘද්ධි නිලධාරීන්ට සමාන කාර්යය භාරයක් සංවර්ධන නිලධාරීන් විසින් ද සිදුකරන බවයි.

එහෙත් සංවර්ධන නිලධාරින් සඳහා මුව ආවරණ, අත් ආවරණ ඇතුලු ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දී නොමැති අතර දීමනා, හා චක්‍රෙල්ඛ මගින් ආවරණය කිරීම්වලදී සංවර්ධන නිලධාරින් නොසලකා හැර ඇති බව එම සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් ඔවුන් විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ද ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇත.

Related posts

දුර ගමන් බස් සඳහා ඉංජිනේරු වාර්තාව අනිවාර්යය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය

Editor O

තවත් කොරෝනා ආසාදිතයින් 263ක්

Mohamed Dilsad

පක්‍ෂ ලේකම්වරු සහ නිලධාරීන් අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment