දේශීය

විදේශ ගතව සිටින මෙරට ශ්‍රමිකයින්ගේ සහයට උපරිම ක්‍රියාමාර්ග

(UTV | කොළඹ) – කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ලොව පුරා විදේශ ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට සහය වීම සඳහා හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) විදේශ සබඳතා අමාත්‍යාංශයේදී කම්කරු සබඳතා අමාත්‍යාංශයේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් සමඟ පැවති සාකච්ඡාව එක්වෙමින්.

විදේශ සබඳතා අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මිලියනයක් පමණ මේ වනවිට විදේශගතව සිටින අතර, ඔවුන් විශාල වශයෙන් මැදපෙරදිග, නැගෙනහිර ආසියානු, ගිණිකොණදිග ආසියානු, යුරෝපා හා අප්‍රිකානු කලාප වල රැකියාවල නියුතු බවයි.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ රැකියා අහිමි වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සහ විදේශ සේවා නියුක්ති සේවා කාර්යාංශය යටතේ ලියාපදිංචි නොවූ ශ්‍රමිකයන්ගේ ගැටලූ පිලිබඳ එහිදී සාකච්ඡා වූ අතර එම ගැටළුවලට විසඳුම් ලබාදීමට වැඩි අවධානයක් යොමුකර තිබූ බව  නිකුත් කළ නිවේදනයේ දැක්වුණි.

Related posts

මෙරට සුවය ලැබූ ආසාදිතයින් 10000 ඉක්මවයි

Mohamed Dilsad

ලංකාවට ගෙනඑන කොවිඩ් එන්නත් සහ ඖෂධ ගැන සෞඛ්‍ය ඇමතිනිය හෙළිකරයි

Mohamed Dilsad

මෙරට සියලුම හුදකලා ප්‍රදේශ විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment