දේශීය

මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර

(UTV | කොළඹ) – මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.

ඒ ඉන්දියාව තුළ කොරෝනා ආසාදිතයින් ඉහළ යාමත් සමඟයි.

ඔහු සඳහන් කළේ මේ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය හිමිව ඇති බවයි.

දකුණු ඉන්දියාවේ සිට ධීවර කටයුතු බව පවසමින් පුද්ගලයින් මෙරටට ඇතුළු වීමේ වැඩි ඉඩකඩක් පවතින බවත් පැය 24 පුරාම යාත්‍රා සංඛ්‍යාව ඉහළ නංවමින් ආරක්ෂක කටයුතු තර කිරීමට පියවර ගෙන ඇති බවත් නාවික හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

Related posts

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට පියවර

Mohamed Dilsad

කොමදෝරු ඩී.කේ.පී. දසනායක ඇතුලු 13 කට අධිචෝදනා

Mohamed Dilsad

ජනපති ගුවන් තොටුපල හදිසි නිරීක්ෂණයක (video)

Mohamed Dilsad

Leave a Comment