දේශීය

නිරෝධායනය අවසන් කරමින් තවත් 33 ක් හෙට පිටත්ව යයි

(UTV | කොළඹ) –  නිරෝධායන කටයුතු අවසන් කර තවත් පුද්ගලයින් 33 දෙනෙකු හෙට (09) දිනයේ දී පිටත්ව යාමට නියමිත බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ වන විට දින 14 ක නිරෝධායනය අවසන්වී 3415 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත්ව ගොස් ඇති බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

පුද්ගලයන් 1262 දෙනකු තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද ඉන් 44 දෙනෙකු විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින් බවද ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ක්‍රීඩා ඇමතිවරු හඳුනාගන්නා හමුවට ඇඳුම් නිර්දේශ කර පසුව වෙනස් කරයි.

Editor O

අද මැදියම් රැයේ සිට සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

විශ්වවිද්‍යාල විවෘත කිරීමට ගත් තීරණයට විරෝධය[LETTER]

Mohamed Dilsad

Leave a Comment